ඔක්තොම්බර් මාසයේ බිදවැටුණු හා අලුතින් පිහිටවු ක‍්‍රිකට් වාර්තා මෙන්න
ඔක්තොම්බර් මාසයේ ඉන්දියාව ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්ත සමග ඉන්දියාවේදිත් පාකිස්තානය ශ‍්‍රී ලංකාව සමග පාකිස්තානයේදීත් දකුණු අප‍්‍රිකාව බංගලාදේශය සමග සමග අප‍්‍රිකාවේදිත් ක‍්‍රිකට් තරගාවලි පැවැත්වුවාඑම තරගාවලිය අතරතුරදි ක‍්‍රිකට් වාර්තා රැසක් අලුත් වු අතර වාර්තා රැසක් බිදහෙළිමද කැපී පෙනුනා.
- ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක‍්‍රිඩක රංගන හේරත් ටෙස්ට් කඩුලු 400ක් දවාගත් ප‍්‍රථම වමත් දගපන්දු යවන්නා ලෙසත්, දෙවැනි ශ‍්‍රී ලාංකික ක‍්‍රිඩකයා ලෙසත් ,ලෝකයේ 14වැනි ක‍්‍රීඩකයා ලෙසත් වාර්තා පොත් අතරට එක්විය
- නොකඩවා ටෙස්ට් තරග පහකදී කඩුලු 05ක් දවා ගත් ප‍්‍රථම දග පන්දුයවන්නා ලෙස පාකිස්තානු කණ්ඩායමේ යශීර් ෂා වාර්තා පොත් අතරට එක්විය.
- ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ලකුණු නොලබා දැවී ගිය විරාත් කෝලි විස්සයි විස්ස තරගයකදී ලකුණු නොලබා දැවී ගිය ප‍්‍රථම ඉන්දියානු නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.
- විස්ස තරගයකදි කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගත් ප‍්‍රථම පාකිස්තානු පන්දු යවන්නා ලෙසත්,ලෝකයෙන්ම එම දස්කම දැක්වු 06වැනි ක‍්‍රීඩකයා ලෙසත් ෆහීම් අස්රෆ් වාර්තා පොත් අතරට එක්විය ..ශ‍්‍රී ලංකාව සමග පැවැති දෙවැනි විස්සයි ෆහීම් එම දස්කම දැක්වීය
- බංගාදේශ කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී විස්සයි විස්ස ඉතිහාසයේ ප‍්‍රථම වරට දෙපිළේම නායකයින්ට නායකයින්ගේම පන්දුයැවීම හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යාමට සිදුවිය.එහිදි ප‍්‍රථම ඉනිමේදී සකීබ් අල් හසන් පේපි ඩුමිනිගේ කඩුල්ල දවාගැනීමට සමත් වු අතර දෙවැනි ඉනිමේදී ඩුමින් සකීබ්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය.
- දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්ස විස්ස තරගයේදී ඉනිම ආරම්භ කරමින් පන්දු යැවූ ෂකීබ් හා මෙහෙඩි හසන් වසර 111ක් පැරණි දකුණු අප‍්‍රිකානු වාර්තාවක් බිද හෙළිමට සමත්වුයේ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩා පිටියක අන්තර්ජාතික තරගයකදී පළමු පන්දුවාර දෙක යැවූ දගපන්දු යවන්නන් දෙදෙනා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින්.මීට පෙර වර්ෂ 1906දී දකුණු අප‍්‍රිකාව හා එංගලන්තය අතර ජොහැන්ස්න් බර්ග් හි පැවැති තරගයකදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වශයෙන් දගපන්දුයවන්නන් දෙදෙනකු භාවිත කර ඇත
- එක්දින තරගවල නොකඩවා ශතක 05ක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස පාකිස්තානු කණ්ඩායමේ බාබර් අසාම් ශ‍්‍රි ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී වාර්තා පොත් අතරට එක්විය
- කණ්ඩායම දෙකක් අතර පැවැති විස්සයි විස්ස තරගාවලි 05ක් නොකඩවා ජයගත් එකම කණ්ඩායම ලෙස පාකිස්තානු කන්ඩායම වාර්තා පොත් අතරට එක්විය. පාකිස්තානු කන්ඩායම එංගලන්තය 1-0ක් ලෙසත් කොදෙව් කන්ඩායම 3-0ක් හා 3-1ක් ලෙසත් ලෝක කණ්ඩායම 2-1ක් ලෙසත් ශ‍්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙසත් පරාජය කළහ.
- පන්දුවාරයක් තුළ හයේ පහර 05ක් එල්ල කළ තෙවැනි විස්සයි විස්ස පිතිකරුවා ලෙසත් ජාත්‍යන්තර තරගවල එම දස්කම දැක්වු 06වැනි ක‍්‍රිඩකයා ලෙසත් දකුනු අප‍්‍රිකානු කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු ඩේවඩ් මිලර් වාර්තා පොත් අතරට එක්විය.මිලර් බංගලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී 19වැනි පන්දුවාරය්දී මොහොමඩ් සයිෆුඩීන්ගේ එරෙහිව හයේ පහර 05ක් එල්ල කලහ.
- විස්සයි විස්ස තරගයකදී ජයග‍්‍රාහී ලකුනු රැස්කළ ලබාලතම ක‍්‍රීඩකයා( අවුරුදු 19යි දින 23යි) බවට පත්වීමට පාකිස්තානු කණ්ඩායමේ ශදාබ් ඛාන් සමත් විය.ශදාබ් ශ‍්‍රී ලංකාවට එරෙහිව දෙවැනි විස්සයි විස්ස තරගයේදී එම දස්කම දැක්වීමට සමත් වුහ
- අඩුම පන්දුසංඛ්‍යාවක් තුළදී එක්දින කඩුලු 05ක් දවාගත් ලොව තෙවන පන්දුයවන්නා බවට පාකිස්තානු කණ්ඩායමේ උස්මාන් ඛාන් පත්විය
ශ‍්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති පස්වැනි තරගයේදී පන්දු 21කදී උස්මාන් කඩුලු 05ක් බිද දැමීමට සමත් විය.2003 වර්ෂයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු 16කදී කඩුලු 05ක් දවාගත් ශ‍්‍රි ලංකා කණ්ඩායමේ චමින්ද වාස් එහි වාර්තාවට හිමිකම් කියයි - බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වු දෙවැනි විස්සයි විස්ස තරගයේදී ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයේ වාර්තාවට හිමිකම් කීමට ඩේවිඩ් මිලර් සමත් විය. මිලර් එම ශතකය පන්දු 35කදී ලබාගත් අතර2012 වර්ශයේදී නවසීලන්ත කණ්ඩායම ට එරෙහිව පන්දු 45කදී ශතකයක් වාර්තාකළ රිචඩ් ලිවී හට එම වාර්තාව හිමිවි තිබුණි
- එක්දින තරගවලිදී හයේ පහර 200ක් එල්ල කළ 06වැනි ක‍්‍රිඩකයා ලෙස ඒබී දි විලියර්ස් වාර්තා පොත් අතරට එක්විය.
- දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ඔ්නැම කඩුල්ලක් සදහා වන හොදම සම්බන්ධතාවය පැවැත්වීමට ආරම්භක පිතිකරුවන් වන හෂීම් අම්ලා හා ක්වින්ටන් ඩී කොක් සමත්විය.බංගලාදේශ කණ්ඩායම එරෙහිව පැවැති එක්දින තරගයේදී ලකුනු 282ක සම්බන්ධතාවක් පැවැතිවීමට ඔවුන් දෙදෙනා සමත් විය.එය ක‍්‍රිකට් ඉතිහාසයේ තෙවැනි හොදෙම ආරම්භක සම්බන්ධතාවය වනවා
- තරග 05කින් යුත් එක්දින තරගාවලියක් 5-0ක් ලෙස වරසක් තුළදී තෙවරක් පැරදුණු පළමු කණ්ඩායම ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.කෙදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම 2008 වසරේදි තරගාවලි දෙක බැගින් පරාජයට පත් වී ඇතhttps://www.youtube.com/channel/UCQQnAVo_-RT0dofUBBIhBRA
- click above link and SUBCRIBE the channel ;)
- අඩුම පන්දුසංඛ්‍යාවක් තුළදී එක්දින කඩුලු 05ක් දවාගත් ලොව තෙවන පන්දුයවන්නා බවට පාකිස්තානු කණ්ඩායමේ උස්මාන් ඛාන් පත්විය
Comments
Post a Comment