Popular posts from this blog
බෝතල් වලින් ගෙවල් හදන අපූරැ ඉංජිනේරැවා
ඇල්ජීරියානු කාන්තාරය වර්තමානයේදී 90,000 ක් පමණ වූ දිගුකාලීන සරණාගතයන් සඳහා නිවහන වී තිබෙනවා. සහරාවි සරණාගතයන් ලෙසින් හඳුන්වනු ලබන මොවුන් 1975 වසරේදී ස්පාඤ්ඤයට අයත්ව තිබූ බටහිර සහරාව, මොරොක්කෝව හා මොරිටානියා යන රටවල් සඳහා ලබා දුන් විට මොරොක්කෝව හා පොලිසාරියෝ පෙරමුණ අතර හටගත් යුද්ධය නිසා පලාගිය පිරිස් වනවා. කාන්තාරයේ කටුක දිවිය මෙම මිනිසුන්ට ඉතාමත් අසීරු වන්නේ සෙල්සියස් 50 ඉක්මවන උෂ්ණත්වයක් ග්රීෂ්මයේ පවතින නිසාම පමණක් නොවේ. විටින් විට පැමිණෙන වැලි කුණාටු හා ධාරානිපාත වර්ෂාවෙන්ද මොවුන් බැට කන්නේ කාන්තාර පරිසරයට ගැළපෙන අන්දමේ ස්ථිර නිවාස නොමැති නිසායි. මේ සඳහා විසඳුමක් මෙම සරණාගත කඳවුරක් තුළම හැදී වැඩුණු තරුණයකු සොයාගත්තේ මීට මාස කිහිපයකට ඉහතදී ය. 27 හැවිරිදි ටටේ ලෙබිබ් බ්රයිකා (Tateh Lehbib Braica) එසේත් නැතිනම් උමතු බෝතල් මිනිසා යන නමින් හඳුන්වනු ලබන මොහු ඉංජිනේරුවරයකු වනවා. වැලි පුරවන ලද මෙගා ප්ලාස්ටික් බෝතල් වලින් නිවාස තැනීම නිසා ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබී තිබෙනවා. ඔහු කුඩා කාලයේ ජීවත් වූ නිවසේ වහළයට යොදා තිබී ඇත්තේ ටකරං තහඩුයි. මේ නිසා ඔවුන් නිරන්තරයෙන්ම දැඩි උෂ්ණත්යෙන...
ඔක්තොම්බර් මාසයේ බිදවැටුණු හා අලුතින් පිහිටවු ක්රිකට් වාර්තා මෙන්න
ඔක්තොම්බර් මාසයේ ඉන්දියාව ඔස්ටේ්රලියාව හා නවසීලන්ත සමග ඉන්දියාවේදිත් පාකිස්තානය ශ්රී ලංකාව සමග පාකිස්තානයේදීත් දකුණු අප්රිකාව බංගලාදේශය සමග සමග අප්රිකාවේදිත් ක්රිකට් තරගාවලි පැවැත්වුවාඑම තරගාවලිය අතරතුරදි ක්රිකට් වාර්තා රැසක් අලුත් වු අතර වාර්තා රැසක් බිදහෙළිමද කැපී පෙනුනා. ශ්රී ලංකා කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක්රිඩක රංගන හේරත් ටෙස්ට් කඩුලු 400ක් දවාගත් ප්රථම වමත් දගපන්දු යවන්නා ලෙසත්, දෙවැනි ශ්රී ලාංකික ක්රිඩකයා ලෙසත් ,ලෝකයේ 14වැනි ක්රීඩකයා ලෙසත් වාර්තා පොත් අතරට එක්විය නොකඩවා ටෙස්ට් තරග පහකදී කඩුලු 05ක් දවා ගත් ප්රථම දග පන්දුයවන්නා ලෙස පාකිස්තානු කණ්ඩායමේ යශීර් ෂා වාර්තා පොත් අතරට එක්විය. ඔස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ලකුණු නොලබා දැවී ගිය විරාත් කෝලි විස්සයි විස්ස තරගයකදී ලකුණු නොලබා දැවී ගිය ප්රථම ඉන්දියානු නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය. විස්ස තරගයකදි කඩුලු ත්රිත්වයක් ලබා ගත් ප්රථම පාකිස්තානු පන්දු යවන්නා ලෙසත්,ලෝකයෙන්ම එම දස්කම දැක්වු 06වැනි...

Comments
Post a Comment